Subscribe By RSS or Email

Published on Thursday, 09 August 2012 17:52
Print

Sarana Gunawaradana 410pxSrilankamirror - නිට්ටඹුව හොරගොල්ල වත්තේ නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාදීමට ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් කෝටි පහමාරක් ඉල්ලූ බවට ඉදිකිරීම් සමාගමක් විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‌යෂ්ඨ අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මුලින් කෝටි 2ක් හා පසුව කෝටි තුනහමාරක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද පැමිණිල්ලේ සටහන්ව ඇති බවයි.

අදාල පැමිණිල්ල කර ඇත්තේ  කොළඹ වෝඩ් පෙදෙසේ ඉදිකිරීම් සමාගමක කලමණාකර අධ්‍යක්ෂ දුමින්ද ලියනගේ නැමැති අයෙකු විසින් බව ද පැවසේ.

නවතම පුවත්