Srilankamirror - කොල්ලූපිටිය සහ බම්බලපිටිය දුමිරිය ස්ථානයන් අතර සන්සිල් හෝටලය ආසන්න දුම්රිය මාර්ගයේදී පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් චීන ජාතික කාන්තාවක් මියගොස් තිබේ.
අනතුරින් පසුව මෘත ශරීරය දුමිරිය මගින් බම්බලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාරදීමෙන් පසුව පොලිසිය විසින් එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සොංග් මිසී නැමැති 45 හැවිරිදි කාන්තාවකි.
අනතුර සිදුවූ ස්ථානය කොල්ලූපිටිය පොලිස් වසමට අයත් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කොල්ලූපිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.