Subscribe By RSS or Email

Published on Thursday, 16 August 2012 08:39
Print

CAUG logo-410pxSrilankamirror - විදුලි සේවක ඉල්ලීම් ලබානොදී, උපාධිධාරී අභ්‍යාසලාභීන් විදුලිබල මණ්ඩලයේ කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය දැඩිලෙස හෙලාදකින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කියයි.


ඔවුන් නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.

දැනට බඳවාගෙන ඇති, ස්ථිර කිරීමට කිසිඳු වැඩපිළිවෙළක් සකසා නැති අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සේවය මෙසේ ලබා ගැනීමට උත්සාහකරන බවටද ඔවුන් චෝදනා කරති.

මේ මොහොත වනවිට විදුලි බලමණ්ඩල සේවකයින් තම ඉල්ලීම් වෙනුවෙන් දීපව්‍යාප්ත අරගලයක් දියත් කර ඇති බවත්, අවස්ථා කිහිපයකදී විදුලි සේවකයින් තම වෘත්තීය ගැටලූ විසඳන ලෙස ඉල්ලා සිටියද ඔවුන්ට ලැබී තිබුණේ බොරු පොරොන්දු පමණක් බවද අදාල නිවේදනයේ දැක්වේ.

එවන් තත්ත්වයක් තුළ ඔවුන්ට වැඩවර්ජනය කිරීම හැර වෙනයම් විකල්පයක් නැතැයි ද ඔවුන් පෙන්වාදී ඇත.

මේ සැරසෙන්නේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීමට නොවේදැයි ඔවුන් ප‍්‍රශ්න කර සිටී.

නවතම පුවත්