Subscribe By RSS or Email

Published on Thursday, 16 August 2012 11:00
Print

AthaudaS 410px 12 08 16Srilankamirror - ග්‍රාමීය සංවර්ධන ක‍ටයුතු පිළිබද ‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතාගේ රාජකාරී පවත්වාගෙන ගිය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ උප කාර්යාලය ඊයේ (15) සවස සීල් තබා ඇත.

කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා විසින් එයට සීල් තබා එහි ඉබි යතුරු සිය භාරයට ගෙන තිබේ.

සබරගමුව පලාත් සබාවට තරග කරන අතාවුද ඇමතිවරයාගේ පුතකු වන වෛද්‍ය පරාක්‍රම ආතාවුද මහතාල සිය මැතිවරණ කටයුතු මෙම කාර්යාලයේ සිට මෙහෙයවන බවට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි රාශියක් ලැබී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මතල ඒ පිලිබදව සොයා බැලීමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ගිය අවස්ථාවේදී එහි සිටි කිහිප දෙනෙක් පලා ගොස් තිබේ.

අනතුරුවල කාර්යාලය පරීක්ෂා කිරීමේදී වෛද්‍ය පරාක්‍රම ආතාවුද සහ හිටපු ප්‍රධාන ඇමති ජයතිලක පොඩි නිළමේ යන මහත්වරුන්ට අයත් මැතිවරණ පොස්ටර් තොගයක් එහි තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

නවතම පුවත්