Subscribe By RSS or Email

Published on Sunday, 19 August 2012 09:44
Print

Criket sex 410pxSrilankamirror - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල ලිංගික අපචාරයක් සිදුවී ඇත්දැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීමට එහි විනය කමිටුවට භාරදීමට විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් විධායක කමිටුව හදිස්සියේ රැස්වී මේ තීරණය ගෙන ඇති බවද පැවසේ.

ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සහ ප්‍රිමිය ලීග් කාර්යයාලයේ ඉන්දීය ජාතිකයකුට මෙම චෝදනා එල්ලවී ඇති බවද පැවසේ.

ක්‍රිකට් විධායක කමිටු සාමාජික චන්න වීරක්කොඩි මහතාට ඒ පිලිබදව කටයුතු කිරීමේ වගකීම පවරා ඇති බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම කමිටුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ලබන 27 වැනිදාට පෙර වාර්තාවක් සැපයිය යුතුව අතැයිද පැවසේ.

ක්‍රිකට් ආයතනයේ විනය කමිටුවට ඇතුළත් සෙසු සාමාජිකයන් ලෙස පාලිත කුමාරසිංහ, සී. අබේගුණවර්ධන, එච්.රෝහනදීර සහ දිනාල් පිලිප්ස් යන අය ඇතුළත්ව ඇති බවද වාර්තා වේ.