Srilankamirror - කැලූම් පාලිත මහීරත්න දශක දෙකහමාරක පමණ කාලයක සිට රූපවාහිණි ක්ෂේත‍්‍රයේ රැදී සිටිමින් බොහෝ සොදුරු ලෙස සිනමාවද ස්පර්ශ කළ සෞන්දර්යවාදියෙක්.
අතිශය ජනපි‍්‍රය වූ හත්දින්නත් තරු, රෝම පුරාණය, රාජ සභාව, බුද්ධ භූමි , අමා දහර වැනි වැඩ සටහන් කැලූම්ගේ සංකල්පයක් ලෙස බිහි වූ නිර්මාණය ‘නිලම්බරේ’ කැලූම්ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි.
ජනප‍්‍රිය නළු රංජන් රාමනායක හා පුරා කියා හොදම නළුවා ලෙස සම්මානීය වූයේත් නව පරපුරේ කාංචන කොඩිතුවක්කු හොදම නැගී එන නළුවාට සම්මානනීය වූයේත් කැලූම්ගේ අධ්‍යක්ෂණය යටතේ නිලම්බරේ තුළිනි.
රූපවාහිණියත් සිනමාවත් සොදුරු ලෙස ස්පර්ශ කරනා කැලූම් දෙවසර පමණ කාලයක් යම් නිහැඩියාවක නිමග්නව සිටියා යැයි සිතේ. විසුළ අහස යට ඒ නිහැඩියාව බිද දමන්නට සමත්වු නිර්මාණයකි.
ඇත්ත ටෙලි නාට්‍යත් චිත‍්‍රපටියක් නොකළ නිසා මගේ යම් නිහැඩියාවක් දැනෙන්න ඇති.ඒත් මම වෙළඳාම් නිර්මාණකරණයෙහි යෙදී සිටියා.පසුගිය වකවානුවේ අතිශය ජනප‍්‍රියවු එදිරිසිංහ ට‍්‍රස්ට් ඉවන්වෙට්ස්මන්ට්හී ‘අප්පච්චී’ මගේ නිර්මාණයක්.ඒ වගේම බ‍්‍රවුන්ස් ආයතනය වෙනුවෙනුත්, අද පුවත්පත වෙනුවෙනුත් මා වෙළඳ දැන්වීම් නිර්මාණය කළා.ඒ විතරක් නෙවෙයි එච්. එන්. බී පැතුම් විමන වැඩසටහන කරන්නේත් මමයි. එච්.එන්.බී පැතුම් විමන සඳහා වෙළඳ දැන්වීම් 06ක් පමණ මම නිර්මාණය කළා.එහෙම බලද්දී මම නිහඩවෙලා නැහැ.
කොහොම වුනත් විසුළ අහස යට මගේ නිර්මාණ දිවියේ සුවිශේෂී සලකුණක්.වෙළඳ දැන්වීම් නිර්මාණය කරනයෙහි යෙදෙන කොට ඒ පිළිබඳව දැනගන්නේ ක්ෂේ‍්‍රත‍්‍රයේ සිටින කිහිපදෙනෙක් විතරයි.දැන් විසුළ අහස යට නිසා කාලෙකට පස්සේ මමත් කළ එළි බැහැලා කියලා හිතෙනවා.
කැලූම් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන විසුළ අහස යට මේ දිනවල සතියේ සෑම දිනකම රාත‍්‍රී 7ට හිරු ටීවී ඔස්සේ විකාශනය වනවා.හිරු ටීවී ආරම්භයේම විකාශනය වු පළමු ටෙලිනාට්‍ය ලෙස විසුළ අහස යට ඉතිහාසගත වෙනවා.කෙසේ වුවත් විසුළ යට තවත් එක් මෙගා ටෙලි නාට්‍යක් පමණක් වෙයිද?
නැහැ.මම හැමදාමත් නැවුම් දෙයක් දෙන්න උත්සහ කරන කෙනෙක්.විසුළ අහස යට කොටස් 120ක නාට්‍යක්.මම විසුළ අහස යට කොටස් ගණනින් විතරක් නෙවෙයි අන්තර්ගතයෙනුත් මෙගා නිර්මාණයක් ලෙස හදුන්වන්න කැමතියි.මොකද අපේ රටේ බහුතරය මෙගා කියලා හදුන්වන්නේ කොටස් ගණන වැඩි නාට්‍ය.
ඔබ ඔහොම කිව්වට එක්තරා ජනප‍්‍රිය නළුවෙක් පුවත් පතකට ප‍්‍රකාශ කරලා තිබුණා අලූත් රූපවාහිනී නාළිකාව පටන් ගත්තේම කසිකබල් නාට්‍ය දෙකකින් කියලා.හිරු නාළිකාවේ ආරම්භක ටෙලි නාට්‍ය විසුළ අහස යට නේද?
මමත් දැක්කා ඔය කථාව.අපිට දෙයක් හරි හැටි නොබලා විවේචනය කරන්න බෑ.කවුරුහරි කෙනෙක් විසුළ අහස යට කසිකබල් නිර්මාණයක් කියලා විවේචනය කරනවානම් මම තරයේම කියනවා එයා මේ ටෙලි නාට්‍ය හරියට බලපු කෙනෙක් නෙමෙයි.තේකක් බොන ගමන් වාඩි වෙලා, එහෙට මෙහෙට දුවන ගමන් බලලා, එක සීන් එකක් බලලා නාට්‍ය විවේචනය කරනන් බෑ.විසුළ අහස යට විතරක් නෙවෙයි වෙන නාට්‍යකට කිව්වත් ඒක වැරදියි.කියන්නම් වාලේ කෑල්ලක් දැකලා විචාරයක් දෙන්න බෑ.
ඒ බනින අයම මෙගාවල රඟපානවා.
ඔව්.මෙගාවලට බැන බැන හරි අපුරුවට රඟපානවා.ඒ ගැන ඇහැව්වාහම කියන්නේ ජීවත් වෙන්න තියෙන වෘත්තිය රඟපෑම නිසා අකමැත්තෙන් මේකට එකඟ වුණා කියලා.ඒ උත්තර හරි විහිළුවක්.කෙනෙක් අකමැත්තෙන් කිසි දෙයක් කරන්නේ නැහැ.ඒත් යම් විදියකින් කරනවානම් ඒක හෙළා දකින්න හොඳ නෑ.මම ඒක රූපරාමුවට ඒ සොදුරු බවත් සෞන්දර්ය නොඅඩුව ඇතුළත් කරලා තිබීම සුවිශේෂයි.
‘ටෙලිනාට්‍යක් හඳලා එය විකාශනය කර ගැනීම දැන් ලොකු ප‍්‍රශ්නයක් වෙලා.මුදලට දේශපාලනයට බලයට වැඩි ඉඩකඩ ඇති සමාජයක ඒ සියල්ල ඉවත දමලා නිර්මාණාමක ගුණය පමණක් සලකලා හිරු ටිවී ලබාදුන් මේ ඉඩකඩ අගය කළ යුතුයි.’ යනුවෙන් පැවසු කැලූම්ගෙන් මම තවත් ප‍්‍රශ්ණයක් ඇහුවා.
ඔබේ මීළග සිනමා නර්මාණය
ඒකත් වැඩි ඈතක නෙවෙයි.කියලා මට දැනෙනවා.
හර්ෂා සේනාධීර