Srilankamirror - වසර 33කට පසුව ඉන්දියාවේ කපිලවස්තුපුර සර්වඥධාතූන් වහසේලා අද (19) දිවයිනට වැඩම කෙරේ.
අද දින දිවයිනට වැඩම කෙරෙන සර්වඥධාතූන් වහන්සේලා සැප්තැමබර් 05 වන දින දක්වා ශ්‍රී ලංකාවේ ස්ථාන හතකදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
19 වන දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කැලණිය බොල්ලෑගල මානෙල්වතු විහාරස්ථානය වෙත වැඩම කෙරෙන ධාතූන් වහන්සේලා 22 වන දින දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරේ.
22 සිට 23 දක්වා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය, 24 සිට 26 දක්වා අනුරාධපුර ජයන්ති විහාර ය, 27 හා 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29, 30 ගම්පොළ නාරන්විට විහාරය, සැප්තුම්බර් 01 වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02 සිට 04 දක්වා මාතර බෝධිය යන විහාරස්ථානවලදී කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා වැඳපුදාගත හැකිය.
අද පෙරවරුවේ ධාතූන් වහන්සේ වැඩමකරවමින් ඉන්දීය විශේෂ නියෝජිත පිරිසක් ද දිවයිනට පැමිණෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය .