Srilankamirror - බදුල්ල පින්අරාව ප‍්‍රදේශයේ පිහිටි රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්‍ෂ මහතාගේ නිවස ඉදිරිපිට අද (19) මල්වඩමක් තබා තිබූ බව බදුල්ල පොලිසිය පැවසීය.
ඒ තාගේ නිවසේ ගේට්ටුවේ සවිකර තිබූ මල්වඩම මහපොලිසිය විසින් ගොස් ඉවත් කළ බවද කීය.
මේවන විට වෛද්‍ය නිවසට පොලිස් ආරක්‍ෂාව සලසා ඇති බවද වාර්තා වේ.
මේ අතර, වෛද්‍යවරයාගේ බිරියට හා තවත් වෛද්‍යවරයකුටද දුරකථනයෙන් බැණ තර්ජනය කර ඇතැයිද පැවසේ.