Subscribe By RSS or Email

Published on Thursday, 23 August 2012 08:02
Print

Ajith rohana 410px 06-08-12

Srilankamirror - කොළඹ ජාතික කෞතුකාගාරයෙ සොරකම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියන් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශසහගත එකක්‌ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

නිවේදනයක්‌ නිකුත් කරමින්  ඔහු එබව අවධාරණය කර ඇත.

එදා මෙදා තුර සිදුවූ ලොව දරුණුම ප්‍රහාරය ලෙස සැලකෙන අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වසර 10ක කාලයක් ගතවූ බවද, ශ්‍රේෂ්ඨ ඉන්දීය පුත්‍රයකු වූ රජිව් ගාන්ධි මහතා ප්‍රසිද්ධියේ ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට නඩු පැවරීමට වසර 08කට වැඩි කාලයක් ගතවූ බවද සදහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අපරාධ පරීක්ෂණ පිළිබඳ අල්ප දැනුමක් නැති පුජ්‍ය පක්ෂය මෙවැනි ප්‍රකාශ ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නින්දිත ක්‍රියාවක් බවද පවසයි.

 කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුකභාණ්‌ඩ සොරකම සම්බන්ධයෙන් කුඩුකාරයින් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම පොලිසිය හිතාමතා කළ ප්‍රොඩාකාරි ක්‍රියාවක්‌ මෙන්ම හාස්‍යජනක ක්‍රියාවක්‌ බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පෙරේදා (21)  මාධ්‍යවෙත පවසා සිටියහ.

'මිරර්' වෙබ් අඩවියද '' කටුගෙයි හොරු ඇල්ලීම බොරුවක්‌ !'' යන ශීර්ෂයෙන් යුතුව සෝභිත හිමියන්ගේ එම ප්‍රකාශය ඊයේ වාර්තා කළේය.

සබැදි පුවත්-
කටුගෙයි හොරු ඇල්ලීම බොරුවක්‌ !