Srilankamirror - බැඞ්මින්ටන් නිලධාරී මාෆියාව නිසා අසරණ වී සිටින ක්‍්‍රීඩා ඇමැතිවරයා බැඞ්මින්ටන් ප‍්‍රවීනයන් කිහිප දෙනෙකු ගෙන්වා මේ අවුලෙන් ගැලවීමට ඔවුන්ගේ සහය ඉල්ලා ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
තත්ත්වය එසේ තිබියදීද බැඞ්මින්ටන් සභාපතිවරයා නැවත එම පුටවේ ඉන්දවීමට නිලධාරීන් පිරිසක් පිඹුරුපත් සකස්කරමින් සිටින බවද වාර්තා වේ.
වත්මන් සභාපති පරාක‍්‍රම බස්නායකගේ ගේ ධූර කාලය ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව අවසන් වීමට නියමිතය.
ක‍්‍රීඩා පනතේ නව සංශෝධන අනුව ඔහුට ක‍්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ අනුමැතියෙන් තොරව යළි එම තනතුර සඳහා තරග කළ නොහැකිය.
වත්මන් තත්ත්වය හමුවේ ඔහුට එම අනුමැතිය ලැබෙතැයි අනුමාන කළ නොහැකි බවද බැඞ්මින්ටන් ප‍්‍රවීනයෝ කියති.