Srilankamirror - ශ‍්‍රී ලංකා ක්‍්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින ක්‍්‍රිකට් ක්‍්‍රීඩිකාවන් තුට්ටු දෙකට ගිවිසුම් ගතව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ තුට්ටු දෙකේ ගිවිසුම් සදහා කි‍්‍රකට් ක්‍්‍රීඩිකාවන් 33 දෙනෙකු වසරක කාලයකට ගිවිසුම්ගතව අතැයිද පැවසේ.
පෙර වසර වලට සාපේක්ෂව ගිවිසුම් අත්සන් කිරීමේදී ක්‍්‍රිකට් ආයතනය සියයට 10 ක වර්ධකයක් එක් කළද මෙවර එය සිදුකර කර නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ගිවිසුම් ගතව ඇති පළමුවැනි ශ්‍රේණියේ ක්‍්‍රීඩිකාවන් පස් දෙනා හට මාසිකව කි‍්‍රකට් ආයතනය විසින් ලබා දෙන්නේ රුපියල් 35,000ක් පමණ මුදලකි.
දෙවැනි ශේණියේ ක්‍්‍රීඩිකාවන් 08 දෙනා සඳහා මාසිකව රුපියල් 30,000 ක්ද, තෙවැනි ශේණියේ සිටින ක්‍්‍රීඩිකාවන් 08 දෙනා සඳහා මාසිකව රුපියල් 25,000 ක් ද මෙම ගිවිසුම යටතේ ගෙවීමට නියමිතය.
සංවර්ධන ක්‍්‍රිකට් කණ්ඩායමට නම් කර ඇති ක්‍්‍රීඩිකාවන් 12 දෙනා සදහා කි‍්‍රකට් ආයතනය විසින් මාසිකව ගෙවනු ලබන්නේ රුපියල් 18,000 මුදලක් බවද පැවසේ.
කෙසේවුවද, ක්‍්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු ලේකම්වරියන් 18 දෙනාගේ මාසික වැටුප 54, 500 සිට 24,300 දක්වා මුදලක පවතින බවද පැවසේ.