Subscribe By RSS or Email

Published on Thursday, 23 August 2012 20:09
Print

Mangala S 410px 23-08-12Srilankamirror - අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ක‍්‍රියා කලාපය පිළිබඳ ජනාධිපතිවරයාද කළකිරීමෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ අද පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රිවරයා කියා සිටියේ, මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිදුකරනු ලබන ප‍්‍රකාශ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවයි.

1994 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු වගකීමක් ලබාදී නොතිබුණු බවද මංගල සමරවීර මහතා කියා සිටියේය.

සමෘද්ධි ව්‍යාපාරය සතු රුපියල් මිලියන 52,000 ක මුදලක් කොල්ලකෑමට ආණ්ඩුව සුදානම් වන බව ද ඒ බව දිවි නැගුම පනතේ 33,34,35 වගන්ති යටතේ තහවුරු වන බව ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

එම මුදලින් රුපියල් බිලියන 36ක්ම ජනතාවගේ මුදල් බව පැවසු මංගල සමරවීර මහතා රජය විසින් ඒ සඳහා යොදා ඇත්තේ රුපියල් බිලියන 16ක් බව පෙන්වාදුන්නේය.

මේ අතර දිවි නැගුම පනත 13 වැනි සංශෝධනය ද උල්ලංඝණය කර ඇති බවත් ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය ද උල්ලංඝණය කර ඇති බවත් ඔහු  මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

නවතම පුවත්