Srilankamirror - තමාට එරෙහිව කලකසිට මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බවත්, එය මෙහෙයවනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන බස්නාහිර පළාතේ ප්‍රධානියකු බවත් ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පවසයි.
තමා ව්‍යාපාරිකයකු බවත් එම නිසා මෙවැනි කතා ගෙතීමට අදාළ දේශපාලකයාට පහසුවී ඇති බවත් සදහන් කල ගුණවර්ධන මහතා, එය පැහැදිලි කුමන්ත්‍රණයක් බවත් කීය. අදාළ දේශපාලකයා කදමහත, උස, කොන්දේ කොටට කපපු, රැවුල භාගයට තියන පුද්ගලයකු බවද සරණ ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව මුදල් වංචාවක් පිළිබඳ පොලිස්පතිවරයා ලැබී ඇති තවත් පැමිණිල්ලක් පිළිබදව කළ විමසීමේදී ඔහු එබව සදහන් කළේය.
අත්තනගල්ල ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා හලාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට යකඩ සහ ඇළුමිනියම් ලබාදෙන බවට පොරොන්දු වී මෙම මුදල ලබාගෙන ඇති බව අදාළ පුද්ගලයා පොලිස්පතිවරයා වෙත ගොනුකළ පැමිණිල්ලේ දැක්වේ.
මෙම මුදල් වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ 96 ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත.
මීට පෙරද මෙම නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව බරපතල කප්පම් චෝදනා එල්ලවී තිබිණ.