Subscribe By RSS or Email

Published on Thursday, 23 August 2012 20:21
Print

brothel 2 410px 23-08-12Srilankamirror - චිත්‍රපට නිළියකට අයත් යැයි කියන මොරටුව, සාගර පටුමගේ පිහිටි තෙමහල් හෝටලයක් පානදුර, වලාන දූෂණ මර්ධන බලකාය විසින් අද (23) සවස වටලා තිබේ.

එහිදී එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැක කොට කාන්තාවන් දෙදෙනෙක් සමග විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියා කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයා බවට පොලිසිය විසින් හඳුනා ගෙන ඇත.

මොරටු‍ව උසාවියෙන් ලබාගත් සෝදිසි කිරීමේ වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබේ

අත්අඩංගුවට පත් වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් 21 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි. ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇයගේ වයස අවුරුදු එකයි මාස තුනක් වයසැති දරුවාද එම හෝටලයේ සිටි බව පොලිසිය කියයි.

30 හැවිරිදි දෙමළ කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ බීමතින් සිට ඇත.

 

නවතම පුවත්