News
Horana factory fire: Two firefighters injured, One building destroyed
හොරණ HDDES කර්මාන්ත ශාලා ගින්න නිවන්න ගිය ගිනි බටයින් 2ක් රෝහලේහොරණ ආයෝජන කලාපයේ පිහිටි, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත්, HDDES සමූහයෙ හි කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබේ. හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, කුරුඳු තෙල් හා සුවද විලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්න මැඩපැවැත්වීමේදි ගිනි නිවන භටයින් දෙදෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ. ස්වසන අපහසුතා හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු රෝහල් ගත කර තිබේ. ඊයේ පස්වරු 4.30ට පමණ හටගත් ගින්න මැඩපවත්වා ඇත්තේ අද අලුයම 2.00 ට පමණයි. හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 10ක් පමණ යොදා ගත් බවයි. ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි 03කට හානි සිදුව ඇති අතර එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන් විනාශවි තිබේ. HDDES සමූහය, AURA හදුන්කුරූ, මදුරු කොයිල්, කුරුදු සහ තවත් අපනයන නිශ්පාදන සිය ගණනක් නිෂ්පාදනය කරන සමාගමකි.
Posted by Sri Lanka Mirror on Thursday, February 13, 2025