World

Big Beautiful Bill පනතට අමෙරිකානු ජනපති අත්සන් තබයි

Published

on

Big Beautiful Bill ලෙස නම් කර ඇති පනතට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඒ එම පනත අමෙරිකාවේ පිළිගත් නීතීයක් බවට පත් කරමින් ය.

ධවල මන්දිරයේ පැවති මෙම උත්සවය සදහා ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විශාග පිරිසක් පැමිණ සිටියේ ය.

එම පණතට ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 150 ක අයවැය වැඩිවීමක් ඇතුළත් වෙයි.

2017 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු ධුර කාලය තුළ සිදුකළ බදු කප්පාදු දීර්ඝ කිරීමද ඇතුළත් ය.

අඩු ආදායම්ලාභීන් සහ ආබාධිතයන් සඳහා රජය විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා යෝජනා ක්‍රමය සඳහාද දැඩි කප්පාදු සිදුවනු ඇති.

අතිකාල සහ සමාජ ආරක්ෂණය සඳහා නව බදු සහනද ඊට ඇතුළත් වෙයි.

ආගමන සහ රේගු බලාත්මක කිරීම සඳහා මෙම පනත මගින් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 100 කි.

කැපිටල් හිල්හි පැවති දීර්ඝ සැසිවාරයකින් අනතුරුව මෙම පනත පසුගියදා සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 218ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 214කි.

එරට ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු දෙනා මෙන්ම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනෙකුද ඊට විරුද්ධවූවන් අතරට ඇතුළත් ය.

Trending

Exit mobile version