News
Police intervenes as Triumph sale turns chaotic (Pics / Video)
අසංවිධානාත්මක Triumph කාන්තා යට ඇඳුම් සල් පිලේ ජරමරේ…අසංවිධානාත්මක Triumph කාන්තා යට ඇඳුම් සල් පිලේ ජරමරේ… බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති ට්‍රයම්ෆ් (Triumph) කාන්තා යට ඇඳුම් සල්පිලක පෝලිමක සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම සල්පිල පෙරේදා (24) අතරමග නවතා දැමීමට තලංගම පොලිසියට සිදුව ඇතැයි වාර්තා වේ. අදාළ සමාගම මේ සල්පිල අසංවිධානාත්මක ලෙස සංවිධානය කර තිබූ නිසා මේ තත්ත්වය ඇතිවූ බවට කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ චෝදනා කර තිබිණි. එසේම, අදාළ සල්පිලට එම සමාගම විසින් ප්‍රමාණවත් පරිදි කාන්තා යට ඇඳුම් සපයා නොතිබීම ද මේ තත්ත්වයට හේතුවූ බව වාර්තා වේ. කාන්තා යට ඇදුම් ගැනීමට පැමිණි කාන්තාවන් පිරිසෙහි පෝලිම කිලෝමීටරයක් පමණ දුරක් තිබී ඇත. >>>Read More : https://shorturl.at/707Tm
Posted by Sri Lanka Mirror on Tuesday, February 25, 2025